පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 2006.04.15 වන දින තෙක් අගලවත්ත ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් විය. එවකට මෙම ප්‍රදේශය අගලවත්ත ප්‍රාදේශීය සභාවට අයත් උප කාර්යාලය සහිත ප්‍රදේශයක් විය. වර්තමාන පාලින්දනුවර ප්‍රාදේශීය සභාව පිහිටුවීම දක්වා වු අතීත තොරතුරු මෙසේය.
ඉතා පැරණි කාලයේ සිට ශ්‍රි ලංකාවේ පාලනය කුඩා පාලන ඒකක වලට වෙන් කර ඒ අනුව පාලනය කර ඇති බැව් අතීත පුරාවෘත්ත අනුව දැකගත හැක. රුහුණු, පිහිටි, මායා ආදි ලෙස පුරාණ ලංකාව රජවරු විසින් පාලනයේ පහසුව පිණිස බෙදාගෙන පාලනය කර ඇති ආකාරය පෙනේ. මෑත කාලීන අතීතයේ පළාත් පාලන ව්‍යුහය විමසන විට ගම් සභා ක්‍රමය පළාත් පාලන ඒකකයක් ලෙස පිහිටුවනු ලැබීය. එකී කාල සීමාව ලෙස 1954 වර්ෂය සැළකිය හැක. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය මහපත්තු ගම් සභාව ලෙස නම් කර ඇති අතර මෙම පාලන ඒකකයද මෙයටද වඩා කුඩා පාලන අධිකාරින් වලට වෙන් කර බලතල එකී කුඩා ඒකක වලට විමධ්‍යගත කර ඇත. ඒ අනුව 1965 පෙබරවාරි මස 02 වන දින මෙම බල ප්‍රදේශය පාලින්දනුවර ගම් සභාව ලෙස ස්ථාපනය කර ඇත. මෙම ගම් සභා නැමති පළාත් පාලන ආයතන පසුව සංවර්ධන සභා බවට පත් විය. ඒ අනුව ප්‍රථම පාලින්දනුවර ගම් සභාව සදහා සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම 1966 පෙබරවාරි 13 වන දින ප.ව.2.30 ට අගලවත්ත පිහිටි ගම් සභා කාර්යාලයේදී රැස්වීමක් පවත්වා සිදුකර ඇත. මෙහිදි සභාපතිවරයා ලෙස ඇස්. පැලවත්ත මහතා තේරි පත් වු අතර, ගම්සභාවෙහි මුළු නියෝජිත සංඛ්‍යාව 17 දෙනෙකි. උප සභාපතිවරයා වූයේ එම්.කේ. ජයතිස්ස මහතාය. ග්‍රාමීය කොට්ඨාශ 17කි. දෙවන ගම් සභා කාල සීමාව වන්නේ 1970 සිට 1973 දක්වා වු කාලයයි. මෙම සභාවෙහි සභාපතිවරයා වූයේ එස්.ඒ.එස්. මහීපාල මහතාය. උප සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ඩි.ඩි. රත්නවීර මහතාය. මීළඟ ගම්සභා සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ජි.එස්. අප්පුහාමි මහතාය. එකී කාල සීමාව ලෙස සඳහන් වන්නේ 1973.01.04 වන දින සිට 1974 දක්වා වු කාල සීමාවකි. මෙම ගම් සභා නිල කාල සීමාව පළාත් පාලන විෂය භාර ගරු අමාත්‍යවරයාගේ 1977 පෙබරවාරි 15 වන දිනැති 252/5 දරණ ගැසට් නිවේදනය මගින් නිමාවට පත් කරනු ලැබ ඇත. මීළඟ ගම් සභා නිල කාලය ඇරඹී ඇත්තේ 1978 මැයි මස 01 වන දිනයි. මීළඟට එළඹෙන්නේ සංවර්ධන සභා පිහිටුවිමේ කාල සීමාවයි. මෙහිදි මහපත්තු ගම් සභාව 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනත අනුව 1981 වර්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභාව බවට පත්වු අතර ගම් සභා ආදි පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සංවර්ධන සභා උප කාර්යාලය වශයෙන් නම් කෙරිණි. මේ අනුව පාලින්දනුවර ගම් සභාව සංවර්ධන සභා උප කාර්යාලයක් බවට පත්විය. මීළඟට වසර කිහිපයක් ඇවෑමේදී පළාත් සභා පිහිටුවන ලදි. ඒ 1987 වර්ෂයේදීය. මෙහිදි පළාත් පාලන ආයතන වලද වෙනස්විමක් සිදුවිය. එනම් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් සංවර්ධන සභා අහෝසි කර ඒ වෙනුවට ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා යන පළාත් පාලන ආයතන ඇති කරන ලදි. මේ අනුව 1988 ජනවාරි මස 01 වන දින අගලවත්ත ප්‍රාදේශීය සභාව ආරම්භ කරනු ලැබීය. මේ අනුව භූමි ප්‍රමාණයෙන් බස්නාහිර පළාතෙහි ප්‍රථම ස්ථානයට මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පත්විය. මෙතැන් සිට පාලින්දනුවර ප්‍රාදේශීය සංවර්ධන සභා බල ප්‍රදේශය අගලවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් විය. මේ අනුව ග්‍රාම නිළධාරි වසම් 77 කින් සමන්විත වු අගලවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතේ පාලින්දනුවර ප්‍රදේශයද පාලනය කිරිම ඇරඹිනි. මෙහිදී අගලවත්ත ප්‍රාදේශීය සභා භූමි ප්‍රමාණයේ විශාලත්වය වැඩිවීම නිසා (ව.කි. 340.9 ක්) තුලිත පාලනයක් මෙන්ම තුලිත සංවර්ධනයක්ද බල ප්‍රදේශයට ලබා දීම අපහසු විය. මේ අනුව වඩාත් ගැටඵකාරි තත්වයකට පත් වුයේ පාලින්දනුවර වාසී ජනතාවයි. අගලවත්ත ප්‍රදේශයට සාපේක්ෂව ගත් කළ පාලින්දනුවර උප කාර්යාල බල ප්‍රදේශයට ප්‍රමාණවත් යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමේ ඌනතාවක් දක්නට ලැබිණි. කෙසේ වුව ද බල ප්‍රදේශයේ ජනතාවට මෙන්ම අගලවත්ත ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින්ටද බල ප්‍රදේශය ඒකක දෙකකට වෙන් කිරීමේ අවශ්‍යතාව අවබෝධ වී තිබිණි. මේ අනුව පාලනයේ පහසුව හා පොදු මහජන සුභ සිද්ධිය සලසමින් පාලින්දනුවර උප කාර්යාල බල ප්‍රදේශය හා අගලවත්ත ප්‍රධාන කාර්යාල බල ප්‍රදේශය වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක වුණි. මෙකී යෝජනාව එවකට පළාත් පාලන අමාත්‍යවරයාව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එතුමා විසින් 2005 දෙසැම්බර් 27 වන දින අංක 1425/9 දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අගලවත්ත ප්‍රාදේශීය සභාව හා පාලින්දනුවර ප්‍රාදේශීය සභාව නව ප්‍රාදේශීය සභා ලෙස 2006 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කරනු ලැබීය. නැගෙනහිර පස්දුන් කෝරළයට අයත් පාලින්දනුවර බල ප්‍රදේශය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන ප්‍රදේශය ඇතුළත් වන පරිදි බෙදා වෙන් කර ඇත. උතුරින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් දකුණින් ගාලු දිස්ත්‍රික්කයේ තවලම හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම් වී ඇත. පාලින්දනුවර බල ප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සභා බල ප්‍රදේශයන්ට වඩා විශාල භූමි භාගයකට හිමිකම් කියයි. මෙහි මුළු භූමි ප්‍රමාණය ව.ක.මී. 286.03 කි. පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ග්‍රාම නිළධාරි වසම් 43 කි. එසේම එවකට පත්කර ගත යුතු මුඵ සභික සංඛ්‍යාව 14 කි.
ඒ අනුව 2006 අප්‍රේල් 15 වන දිනෙන් ඇරඹි නව ප්‍රාදේශීය සභාවට තේරි පත් වු සභිකයින් මෙසේය.
| # | තනතුර | නම |
|---|---|---|
| 1 | සභාපති | ධම්මික රණසිංහ මහතා |
| 2 | උප සභාපති | ජේ.ඩි. උදය ගාමිණි මහතා |
| 3 | ප්‍රා.ස.මන්ත්‍රී | ලලිත් ප්‍රියදර්ශන මහතා |
| 4 | ප්‍රා.ස.මන්ත්‍රී | ඉඳුනිල් මහේන්ද්‍ර මහතා |
| 5 | ප්‍රා.ස.මන්ත්‍රී | චමින්ද සරත් කුමාර මහතා |
| 6 | ප්‍රා.ස.මන්ත්‍රී | ඩබ්.ඒ.ඩි. දයාරත්න මහතා |
| 7 | ප්‍රා.ස.මන්ත්‍රී | මුතු ලක්ෂ්මන් මහීපාල මහතා |
| 8 | ප්‍රා.ස.මන්ත්‍රී | රවින්ද්‍ර ගුණතිලක මහතා |
| 9 | ප්‍රා.ස.මන්ත්‍රී | පි.එච්. හෙන්රි ප්‍රේමරත්න මහතා |
| 10 | ප්‍රා.ස.මන්ත්‍රී | නිහාල් කුමාරසිරි මහතා |
| 11 | ප්‍රා.ස.මන්ත්‍රී | ජි.ඩි. නන්දතිලක මහතා |
| 12 | ප්‍රා.ස.මන්ත්‍රී | සුනේත්‍රා වෙල්ගම මහත්මිය |
| 13 | ප්‍රා.ස.මන්ත්‍රී | ලලිත් ඉන්දික සිරිවර්ධන මහතා |
| 14 | ප්‍රා.ස.මන්ත්‍රී | කේ. නිමල් රත්නසිරි මහතා |
2011 වර්ෂයේදී දෙවන වරට පාලින්දනුවර ප්‍රාදේශීය සභාව සදහා තේරිපත් වු සභිකයින් මෙසේය.
| # | Title | Name |
|---|---|---|
| 1 | එ.ජ.නි.ස. ප්‍රා.ස. සභාපති | ධම්මික රණසිංහ මහතා |
| 2 | එ.ජ.නි.ස. ප්‍රා.ස. උපසභාපති | ආර්.පී. බන්දුපේම මහතා |
| 3 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | අතුල ප්‍රියන්ත බෙල්ලන මහතා |
| 4 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | පි. නිහාල් කුමාරසිරි ද සිල්වා මහතා |
| 5 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | සුගත් දමින්ද මහතා |
| 6 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | දයාල් පුෂ්පකුමාර මහතා |
| 7 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | පි.එච්. හෙන්රි ප්‍රේමරත්න මහතා |
| 8 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | රවින්ද්‍ර ගුණතිලක මහතා |
| 9 | එ.ජ.නි.ස. ප්‍රා.ස. මන්ත්‍රී | මුරුගන් පුෂ්පකුමාර මහතා |
| 10 | එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී | පි.ඒ. සුජිත් නවීන්ද්‍ර මහතා |
| 11 | එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී | ඉදුනිල් මහේන්ද්‍ර මහතා |
| 12 | එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී | ජේ.ඩි. උදය ගාමිණි මහතා |
| 13 | එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී | ආරුමුගම් සිව පෙරුමාල් මහතා |
| 14 | එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී | රංජීව නිලන්ත ලියනගේ මහතා |
මෙහිදී උප සභාපති ලෙස කටයුතු කල ආර්.පී. බන්දුපේම මහතා 2015 පෙබරවාරි 17 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වු අතර එම පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා එ.ජ.නි.ස. නියෝජනය කරමින් ප්‍රා.ස. මන්ත්‍රී ලෙස ට්රිමාල් ගල්පාය මහතා පත්විය. 2015-05-15 දිනෙන් ප්‍රාදේශීය සභාවේ දෙවන ධූර කාලය අවසන් වූ අතර එම දිනෙන් පසුව ප්‍රාදේශීය සභාවේ පාලන කටයුතු සභාවේ කාර්යය කර්තව්‍ය හා බලතල ක්‍රියාත්මක කිරීමේ නිලධාරී යටතේ සිදු කෙරුණි. 2017 වර්ෂයේ සිදුකෙරුණු සීමා නිර්ණය කටයුතු වලින් අනතුරුව පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොට්ඨාශ 13කින් යුතු වන අතර එය කේවල ආසන 12 කින් හා බහු ආසන 1 කින් සමන්විත වේ. ඒ අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ පත් වූ මුළු මන්ත්‍රී ගණන 23 ක සංඛ්‍යාවක් විය.
2018 වර්ෂයේදී දෙවන වරට පාලින්දනුවර ප්‍රාදේශීය සභාව සදහා තේරිපත් වු සභිකයින් මෙසේය.
| # | Title | Name | Party |
|---|---|---|---|
| 1 | ගරු සභාපති | ධම්මික රණසිංහ මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 2 | ගරු උපසභාපති | සුගත් දමින්ද මයා | ශ්‍රී ලං. පො. පෙ. |
| 3 | ගරු මන්ත්‍රී | කදිරේසන් නිරේන්ද්රකුමාර් මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 4 | ගරු මන්ත්‍රී | අජිත් ප්‍රියන්ත මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 5 | ගරු මන්ත්‍රී | දර්ශන ධනෝජ් මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 6 | ගරු මන්ත්‍රී | නිහාල් කුමාරසිරිද සිල්වා මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 7 | ගරු මන්ත්‍රී | පී.කේ. මර්වීන් මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 8 | ගරු මන්ත්‍රීනි | වජන්ති මැණික් මධූ මිය | ශ්‍රී ලං. පො. පෙ. |
| 9 | ගරු මන්ත්‍රී | ලහිරු තිලකරත්න මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 10 | ගරු මන්ත්‍රී | ඉන්දික සංජීව හෙට්ටිආරච්චි මහතා | ශ්‍රී ලං. පො. පෙ. |
| 11 | ගරු මන්ත්‍රීනි | සොම්නි ජයන්ති මිය | ශ්‍රී ලං. පො. පෙ. |
| 12 | ගරු මන්ත්‍රී | ඉදුනිල් හෙට්ටිආරච්චි මහතා | එ.ජා.ප. |
| 13 | ගරු මන්ත්‍රී | සුජිත් පැලවත්ත මහතා | එ.ජා.ප. |
| 14 | ගරු මන්ත්‍රී | ජේ.ඩී. තිලකරත්න මහතා | එ.ජා.ප. |
| 15 | ගරු මන්ත්‍රී | මධුශංක දිල්ෂාන් මහතා | එ.ජා.ප. |
| 16 | ගරු මන්ත්‍රීනි | මිල්ලෑවගේ අමරාවතී මිය | එ.ජා.ප. |
| 17 | ගරු මන්ත්‍රී | උපාලි වික්‍රමරත්න මහතා | එ.ජා.ප. |
| 18 | ගරු මන්ත්‍රී | නිහාල් ජයසිංහ මහතා | එ.ජා.ප. |
| 19 | ගරු මන්ත්‍රීනි | ඉරෝෂා ඉන්දික මිය | එ.ජා.ප. |
| 20 | ගරු මන්ත්‍රීනි | ඉනෝකා සමරසිංහ මිය | එ.ජා.ප. |
| 21 | ගරු මන්ත්‍රී | ලහිරු හසරැල් වික්‍රමරත්න මහතා | එ.ජ.නි.ස. |
| 22 | ගරු මන්ත්‍රී | නිහාල් අතුකෝරල මහතා | එ.ජ.නි.ස. |
| 23 | ගරු මන්ත්‍රී | ධනුෂ්ක රංගනාත් මහතා | ජ.වි.පෙ. |
මෙහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කල සොම්නි ජයන්ති මහත්මිය 2022 ජනවාරි 04 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වු අතර එම පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලං.පො.ජ.පෙ නියෝජනය කරමින් ප්‍රා.ස. මන්ත්‍රිනි ලෙස බන්දුලා මල්කාන්ති මහත්මිය පත්විය.